මාර්ගගත අපයෝජන සහ හිරිහැර යනු කුමක් ද?

මාර්ගගත අපයෝජනය සහ හිරිහැර කිරීම යනු යමෙකු තවත් පුද්ගලයෙකුට හිරිහැර කිරීමට, බිය ගැන්වීමට, සමච්චල් කිරීමට හෝ තර්ජනය කිරීමට අන්තර්ජාලය හෝ සමාජ මාධ්‍ය භාවිතා කිරීමයි. මෙය පුද්ගලයාට කලකිරීමක්, බියක් හෝ අනාරක්ෂිත බවක් දැනෙන පණිවිඩ, පෝස්ටු හෝ වෙනත් මාර්ගගත ක්‍රියා හරහා සිදුවිය හැකි ය.

විදේශීය රාජ්යයක් වෙනුවට හෝ ඔවුන්ගේ උපදෙස් මත මාර්ගගත අපයෝජනයක් හෝ හිරිහැරයක් සිදු කරන්නේ නම්, මෙය විදේශීය මැදිහත්වීමක ආකාරයකි. මාර්ගගත අපයෝජනය සහ හිරිහැර කිරීම පීඩාකාරී තත්වයක් විය හැක. ආරක්ෂිතව සිටින්නේ කෙසේ ද, ලබා ගත හැකි සහයෝගය කුමක් ද සහ ඔබ හෝ ඔබේ ප්රජාව අන්තර්ජාලය හරහා අපයෝජනයට හා හිරිහැරයට ලක් වුවහොත් ඔබට කළ හැකි දේ දැන ගැනීම වැදගත් වේ.

ඔබට අන්තර්ජාලයෙන් හිරිහැරයක් හෝ තර්ජනයක් එල්ල වී ඇත්නම් කුමක් කළ යුතුද

දුරකථන ඇමතුම් සහ කෙටි පණිවිඩ

ඔබේ දුරකථනයේ 'සබඳතාව අවහිර කරන්න' සැකසුම් භාවිතා කරන්න. මෙය සාර්ථක නොවූයේ නම්, අංකය අවහිර කිරීමට ඔබේ දුරකථන සේවා සමාගම සම්බන්ධ කරගන්න.

මාර්ගගත අපයෝජන හෝ හිරිහැරය

ඔබේ පුද්ගලිකතා සැකසුම් යාවත්කාලීන කරන්න. ඔබේ පුද්ගලිකතා සැකසුම් සැකසීමට සහය වියහැකි සමාජ මාධ්ය උපදෙස් Netsafe විසින් සපයනු ලබයි.

ඔබට අනාරක්ෂිත බවක් දැනෙන හෝ ඔබට හිරිහැරයක්, බිය ගැන්වීමක් හෝ පීඩාකිරීමක් දැනෙන ඕනෑම දෙයකට ඔබ මුහුණ දී ඇත්නම් එය පැමිණිලි කරන්න.

එය සිදුවූ වේදිකාව/වෙබ් අඩවිය/ යෙදුම තුළ පැමිණිලිකිරීමේ ක්රමවේදය භාවිතා කරන්න. Netsafe’s සමාජ මාධ්ය මාර්ගෝපදේශවල මෙය කරන්නේ කෙසේද යන්න පිළිබඳ තොරතුරු තිබේ.

ඔබට Netsafe වෙත හානිදායක අන්තර්ගතයන් පැමිණිලිකළ හැකි ය: ඉල්ලීමක් ලබාදෙන්න – Netsafe.

Netsafe ඔබට මාර්ගගත ආරක්ෂාව පිළිබඳ විශේෂඥ සහාය සහ උපදෙස් ලබා දිය හැකිය. සහය ලබාගැනීමට help@netsafe.org.nz
වෙත ඊමේල් කරන්න හෝ 4282 වෙත 'Netsafe' ලෙස කෙටි පණිවිඩයක් යොමුකරන්න.

ඔබ අවදානමක සිටින්නේ නම්, 111 ඇමතීමෙන් ක්ෂණිකව පොලීසිය සම්බන්ධ කරගන්න.

හදිසි අවස්ථාවක් නොවේ නම්, ඔබට පහත ක්‍රමවලින් පොලිසිය ඇමතිය හැකි ය:

පොලිසියට ඔබේ පැමිණිල්ල සැකසීමට සහ ඔබ සමඟ පසු විපරම් කිරීමට උපකාර කිරීම සඳහා 105 පෝරමය ඔබේ පුද්ගලික තොරතුරු කිහිපයක් ඉල්ලා සිටී. පොලිසිය මෙම තොරතුරු භාවිතා කරන්නේ අවසර ලත් අරමුණු සඳහා පමණි.

ඔබේ අපයෝජනය හෝ හිරිහැර කිරීම පිටුපස විදේශීය රාජ්යයක් සිටින බවට ඔබ සැක කරන්නේ නම්, ඔබට ඔවුන්ගේ ආරක්ෂිත මාර්ගගත පෝරමය භාවිතයෙන් NZSIS වෙත මෙය පැමිණිලි කළ හැකි ය.

ඔබට අවශ්‍ය නොවේනම් ඔබේ නම, දුරකථන අංකය හෝ සම්බන්ධතා තොරතුරු වැනි ඔබේ පුද්ගලික තොරතුරු ලබා දීමට අවශ්ය නැත. ඔබට ඔබේම භාෂාවෙන් පෝරමය පිරවිය හැකිය. ඔබ සපයන තොරතුරු රහසිගත හා ආරක්ෂිතව තබාගනු ඇත.

ඔබට NZSIS හි කෙනෙකු සමඟ කතා කිරීමට අවශ්ය නම්, ඔබට
+64 4 472 6170 හෝ 0800 747 224 අංකවලින් ඔවුන් ඇමතිය හැක.

පැමිණිලි කිරීමේ දී හැකිතාක් තොරතුරු ලබාදීම ප්රයෝජනවත් වේ. මේවාගේ තිර පිටපතක් හෝ පිටපතක් ලබාගැනීමට උත්සහ කරන්න:

  • අන්තර්ගතයේ පවසන දේ හෝ පෙන්වන දේ
  • ඔබට අපයෝජනය කළ හෝ හිරිහැර කළ අයගේ පරිශීලක පැතිකඩ හෝ ගිණුම (උදා: ඔවුන්ගේ පරිශීලකනම)
  • අපයෝජනය හෝ හිරිහැරය සිදුවූ දිනය සහ වේලාව
  • එය සිදුවූ වෙබ් අඩවියේ හෝ යෙදුමේ නම

අන්තර්ජාලයේ ආරක්ෂිතව

අන්තර්ජාලයේ ආරක්ෂිතව සිටීමට ඔබ ගත යුතු පියවර පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා අන්තර්ජාලයේ ආරක්ෂිතව සිටීම බලන්න.

මෙම තොරතුරු මෙතනින් බාගන්න - ළඟදීම පැමිණේ