විදේශීය මැදිහත්වීම් පිළිබඳ උදාහරණ Examples of foreign interference
ජනවාර්ගික ප්රජාවන් විසින් අත්විඳින ලද විදේශීය මැදිහත්වීම් සඳහා උදාහරණ කිහිපයක් මෙන්න. මෙම උදාහරණ ජනවාර්ගික ප්රජාවන් විසින්, ජනවාර්ගික ප්රජාවන් සඳහා වූ අමාත්යාංශය සමඟ බෙදාගත් අත්දැකීම් මත පදනම් වේ.
මෙම උදාහරණවල “විදේශීය රාජ්යය” යන්නෙන් අදහස් වන්නේ නවසීලන්තය හැර වෙනත් ඕනෑම රටක් යන්නයි. මෙය නවසීලන්තයෙන් පිටත රටවල් හැඳින්වීමට භාවිතා කෙරේ.
ප්රජා සාමාජිකයින් බොහෝ විට තම මිතුරන් සහ පවුලේ අය බැලීමට තම මව් රටවලට යාමට කැමැත්තක් දක්වයි. මේ සඳහා, ඔවුන්ට කොන්සියුලර් සේවාවන් භාවිතා කිරීමට අවශ්ය විය හැකිය. මෙම සේවාවන් රටක තානාපති කාර්යාලයක් හෝ කොන්සල් කාර්යාලයක් මගින් විදේශයන්හි සිටින එහි පුරවැසියන්ට සපයනු ලබන අතර ඒවාට විදේශ ගමන් බලපත්ර, වීසා, සංචාරක ලියකියවිලි නිකුත් කිරීම සහ වෙනත් නීතිමය කටයුතු හැසිරවීම ඇතුළත් වේ.
නවසීලන්තයේ ජනවාර්ගික ප්රජාවක සාමාජිකයින්ට කොන්සියුලර් කාර්ය මණ්ඩලය විසින් පවසා ඇත්තේ එම විදේශීය රාජ්යය විවේචනය කරන නවසීලන්තයේ කණ්ඩායම් හෝ පුද්ගලයින් සමඟ ඇසුරු කළහොත් ඔවුන්ට විදේශ ගමන් බලපත්ර අලුත් කිරීම් හෝ වීසා බලපත්ර නොලැබෙන බවයි. මේ නිසා ප්රජාවට තම අදහස් ප්රකාශ කිරීමට, ඇතැම් පුද්ගලයින් සමඟ කතා කිරීමට, විරෝධතා දැක්වීමට හෝ කණ්ඩායම්වලට සම්බන්ධ වීමට නොහැකි බවක් දැනේ. මෙම සීමා කිරීම් හේතුවෙන් නවසීලන්ත ප්රජාවට විදේශ රාජ්යය විසින් කොටු වී පාලනය කරනු ලබන බවක් දැනේ. පුද්ගලයින්ට තම පවුලේ අය සහ මිතුරන් බැලීමට ගමන් කිරීමට නොහැකි වූ විට, එය ඔවුන්ගේ පවුල්වලට සහ ඔවුන්ගේ යහපැවැත්මට විශාල බලපෑමක් ඇති කරයි.
එක් ප්රජාවක, ආගමික ස්ථානයක් විදේශීය මැදිහත්වීමක් ඔස්සේ ඉලක්ක කර ගන්නා ලදී. ඉතා ආගමික බවක් පෙනෙන්නට තිබූ නව සාමාජිකයෙක්, ප්රජාවන්ගේ ආගමික කටයුතුවලට බෙහෙවින් සම්බන්ධ වීමට පටන් ගත්තේය. ඔවුන් දේශපාලනය ගැන ගොඩක් කතා කරන්න පටන්ගත් අතර, තමන්ගේ උපන් රටේ රජයට සහාය දෙන ලෙස පුද්ගලයින්ට පවසන ලදී. ඔවුන්ට අවශ්ය වූයේ ආගමික දේශන දේශපාලනයට සම්බන්ධ කරගැනීමයි. නව සාමාජිකයා විදේශ රාජ්යය විවේචනය කිරීමෙන් මිනිසුන් වැළැක්වීමට ද උත්සාහ කරන ලදී. ඔවුන්ට විදේශීය රාජ්යය විසින් මේවා සිදුකිරීමට පවසා ඇත.
නව සාමාජිකයා පැමිණ සිටියදී විදේශ රාජ්යය විවේචනය කළ ප්රජා සාමාජිකයින්ට කෙටි පණිවිඩ සහ සමාජ මාධ්ය හරහා නිර්නාමික තර්ජන එල්ල විය. මෙය නව සාමාජිකයා පැමිණීමට පෙර සිදු නොවුණි. ප්‍රජාව විසින් සැකකරන ලද්දේ නව සාමාජිකයා විදෙස් රාජ්යයට ඒවා වාර්තාකරන බවයි. මෙම ගැටළු ආරම්භ වූයේ නව සාමාජිකයා සම්බන්ධ වී, විදේශ රාජ්යයට සහාය දැක්වීමට මිනිසුන් පෙළඹවීමට උත්සාහ කිරීමට පසුව පමණක් බව ඔවුන්ට පෙනුණි. මෙම තත්වය නිසා මිනිසුන්ට අනාරක්ෂිත බවක් සහ එකිනෙකා කෙරෙහි අවිශ්වාසයක් ඇති විය. මෙම ආගමික ස්ථානයේදී ප්රජාවට එකට එකතු වී ඔවුන්ගේ ඇදහිල්ල කෙරෙහි අවධානය යොමු කිරීම දුෂ්කර විය.
ප්රජාව තුළ පුද්ගලයින්ට ඔවුන්ගේ ප්රජා සාමාජිකයෙකුගෙන් සැකකටයුතු හැසිරීමක් නිරීක්ෂණය විය. මෙම පුද්ගලයා ප්රජාවේ අනෙකුත් පුද්ගලයින්ගේ දේශපාලන අදහස් සහ ක්රියාකාරකම් පිළිබඳව නිතරම විමසන බවක් පෙනෙන්නට තිබුණි. තම උපන් රටේ රජය විවේචනය කළ පුද්ගලයින් පිළිබඳව නවසීලන්තයේ පිහිටි තම තානාපති කාර්යාලයට වාර්තා කරන ලෙස විදේශ රාජ්යය විසින් මෙම පුද්ගලයාගෙන් ඉල්ලා ඇති බව ප්රජාවට දැනගන්නට ලැබුණි.
මෙම පුද්ගලයා සමඟ කතා කර විදේශ රාජ්යය විවේචනය කළ සමහර ප්රජා සාමාජිකයින්ට ඔවුන්ගේ උපන් රටට පැමිණි විට වීසා ගැටළු සහ ගුවන් තොටුපළේදී ප්රශ්න කිරීම වැනි අනපේක්ෂිත ගැටළු ඇති විය. මෙය ඔවුන්ට මීට පෙර කිසිදා සිදු වී නොතිබුණි. ඔවුන් සිතන්නේ මෙම ගැටළු ඇති වූයේ එම ප්රජා සාමාජිකයා සමඟ කළ සංවාද තානාපති කාර්යාලයට වාර්තා වූ නිසා බවයි. මේ නිසා ප්රජාවේ මිනිසුන් බියෙන් හා අවිශ්වාසයෙන් පෙළුණු අතර, ඔවුන් තම සැබෑ අදහස් ප්රකාශ කිරීම නැවැත්වූහ.
සමාජ මාධ්ය ඔස්සේ විදේශීය රාජ්යයක් ප්රසිද්ධියේ විවේචනය කරන ප්රජා සාමාජිකයෙකුට විදේශීය ඇඟිලි ගැසීම්වලට මුහුණ දීමට සිදු විය. ඔවුන්ගේ ලිපිනය, දුරකථන අංකය සහ ඊමේල් ලිපිනය වැනි පුද්ගලික තොරතුරු අන්තර්ජාලයට මුදා හැර තිබුණි – මෙය ඩොක්සිං ලෙස හැඳින්වේ. ඩොක්සිං සිදු කළ පුද්ගලයින්ගෙන් විදේශ රාජ්යය විසින් මෙය කරන ලෙස ඉල්ලා සිට ඇත. ප්රජා සාමාජිකයාට තර්ජනාත්මක දුරකථන ඇමතුම් සහ පණිවිඩ ලැබී තිබුණි. ඔවුන්ගේ සමාජ මාධ්ය ගිණුම්වලට ද බොහෝ අපහාසාත්මක අදහස් ලැබී තිබේ. ප්රජා සාමාජිකයාට ඉතා බියක් සහ අනාරක්ෂිත බවක් දැනුනි.
පසුව ඔවුන් සොයා ගත්තේ නවසීලන්තයේ විදේශ රාජ්යයක් සඳහා සේවය කරන පුද්ගලයින් විසින් ඩොක්සිං සිදුකර ඇති බවයි. ඔවුන් සමාජ මාධ්යවල විදේශීය රාජ්යය ප්රසිද්ධියේ විවේචනය කිරීම නවත්වන අදහසින් ප්රජා සාමාජිකයාව ඩොක්සිං කර බියකිරීම සිදුකර ඇත. ඔවුන් සමාජ මාධ්ය ඔස්සේ තම අදහස් ප්රකාශ කිරීම සහ කතා කිරීම නවතා ඇත.
විදේශීය රජයක් නියෝජනය කරන කෙනෙකු ප්‍රජා සාමාජිකයෙකු හමුවිය. එම විදේශීය රජය විසින් සංවිධානය කරන ලද කණ්ඩායමකට සම්බන්ධ නොවන්නේ නම්, ඔවුන්ගේ උපන් රටේ සිටින ඔවුන්ගේ පවුලට හානියක් සිදුවන බව ඔවුන්ට දන්වන ලදී. කණ්ඩායමේ අරමුණ වූයේ විදේශීය රාජ්යය වෙනුවෙන් නවසීලන්තයේ ඔවුන්ගේ ප්‍රජාව තුළ දේශපාලන පණිවිඩ පතුරුවා හැරීමයි. ප්‍රජා සාමාජිකයා කණ්ඩායමට සම්බන්ධ වීමට අකමැති වූ නමුත්, ඔවුන් තම පවුල ගැන බිය වූ අතර තම පවුල ආරක්ෂිතව තබා ගැනීම සඳහා එක්වීමට පීඩනයක් එල්ල විය.
කණ්ඩායමට බැඳීමට බල කිරීම නිසා ප්රජා සාමාජිකයාට තර්ජනයක් සහ අනාරක්ෂිත බවක් දැනුනි. ඔවුන් කණ්ඩායමට සහාය නොදක්වන කිසිවක් නොකියා සිටීමට වග බලා ගත්හ. ඔවුන්ට ඔවුන්ගේ සැබෑ අදහස් ප්‍රකාශකිරීමට නොහැකි විය. කථන නිදහස ඔවුනට නොමැති විය.
ක්රියාකාරීන්ට සහ ඔවුන්ගේ පවුල්වලට එරෙහි තර්ජන
තම උපන් රට විවේචනය කළ ක්රියාකාරිකයෙකු එම රටට ආපසු ගිය විට බලධාරීන් විසින් ඔවුන්ට හානි කරන ලදී. නවසීලන්තයේ ප්රජාවට මේ ගැන ආරංචි වූ අතර ඔවුන් දන්නා කෙනෙකුට මෙය සිදුවීම ගැන ඔවුන් බොහෝ කනස්සල්ලට පත්ව සිටියහ.
මාස කිහිපයකට පසු නවසීලන්තයේ, ප්රජා සාමාජිකයෙකුට විදේශගත වුවහොත් ප්රවේශම් වන ලෙස අනතුරු අඟවන තර්ජනාත්මක කෙටි පණිවිඩ ලැබුණි. ඔවුන් නවසීලන්තයේ සිටියදී තම මව් රටේ මානව හිමිකම් ගැටළු ගැන කතා කරමින් සිටියහ. දැන්, ඔවුන් තම පවුලේ අය බැලීමට යාමට සහ ඔවුන්ගේ උපන් රටේ රජයෙන් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු ක්රියාත්මක විය හැකි රටවල නතර වීමට සිදුවීම ගැන ඉතා කනස්සල්ලට පත්ව සිටිති.
ඔවුන්ගේ උපන් රටේ රජයේ නිලධාරීන් එම රටේ ඔවුන්ගේ පවුල බැලීමට ගිය අතර, දැන් ඔවුන්ගේ පවුලේ අය නවසීලන්තයේ මානව හිමිකම් ගැන කතා කිරීම නවත්වන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා තිබේ. මෙම පීඩනය නිසා ප්රජා සාමාජිකයා තම පවුලේ ආරක්ෂාව ගැන බියෙන් තම පවුලේ අය සමඟ සම්බන්ධතා නතර කළේය. නවසීලන්තය තුළ තමන්ගේම ආරක්ෂාව සහ කතා කිරීමේ නිදහස ගැන ද ඔවුන් කනස්සල්ලට පත්ව සිටිති.
කතා කිරීමෙන් පසු මුදල් අහෝසි කිරීම
ප්‍රජා සාමාජිකයෙක් විසින් නවසීලන්තයේ මාධ්‍ය වෙත තම උපන් රටට එරෙහිව කතා කර ඇත. මෙයින් පසු ඔවුන්ට නවසීලන්තයේ ඔවුන්ගේ බැංකුවෙන් දුරකථන ඇමතුමක් ලැබුණු අතර, එහි සඳහන් වූයේ ඔවුන්ගේ නම බරපතල අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලැබූ පුද්ගලයින්ගේ ජාත්යන්තර ලැයිස්තුවේ ඇති බැවින් ඔවුන්ගේ ගිණුම් අත්හිටුවා ඇති බවයි. මෙය 'debanking (ඩීබැන්කිං)' ලෙස හැඳින්වේ. ඔවුන්ගේ බැංකු ගිණුම් අත්හිටුවා තිබූ නිසා ඔවුන්ට ඔවුන්ගේ මුදල් ලබා ගැනීමට නොහැකි විය.
කිසිදු අපරාධයක් කර නොතිබූ නිසා ප්රජා සාමාජිකයා ඉතා කනස්සල්ලට පත්ව සිටියාය. ඔවුන් විශ්වාස කළේ ඔවුන්ගේ උපන් රට විසින් ඔවුන්ගේ නම ලැයිස්තුවට ඇතුළත් කර ඇත්තේ ඔවුන් බිය ගැන්වීමට සහ ඔවුන්ගේ උපන් රට විවේචනය කිරීමෙන් වළක්වා ගැනීමට බවයි. කතා කිරීම නැවැත්වීම හැර වෙනත් විකල්පයක් නොමැති බව ඔවුන්ට හැඟුණි.
වැඩසටහන් සංවිධායකයින්ට තොරතුරු බෙදාගැනීමට බලකිරීම
ජනවාර්ගික ප්‍රජාවක් සංස්කෘතික උත්සවයක් සංවිධානය කරමින් සිටියහ. සංවිධායකවරයාගේ උපන් රටේ රජය නියෝජනය කරන අයෙකු විසින් උත්සව සංවිධායකවරයාට විශාල පරිත්‍යාගයක් පිරිනමන ලදී. ඔවුන්ට ප්‍රදානය ලැබෙනුයේ සංවිධායකවරයා තම ප්රජාවේ පුද්ගලයින් පිළිබඳ පුද්ගලික තොරතුරු බෙදා ගන්නේ නම් පමණකි.
සංවිධායකයා ප්රදානය පිළිඹඳ ඉතාමත් අපහසුතාවට පත්විය. උත්සවයට සහාය වීම සඳහා පරිත්යාගය පිළිගැනීමට ඔවුන්ට පීඩනයක් දැනුණු නමුත් ප්‍රජාවේ පුද්ගලික තොරතුරු බෙදා ගැනීමට ඔවුන්ට අවශ්‍ය නොවීය. ඔවුන් පරිත්‍යාගය ප්රතික්ෂේප කළ විට, ඔවුන්ට බියක් දැනුනි. ඔවුන් ප්රතික්ෂේප කළ හෙයින් තමන්ට යමක් සිදුවන්නේද ලෙස ඔවුන් වදවිය. ඔවුන්ට තමන්ගේම ප්‍රජාව තුළ පවා පහසුවක් දැනීමට නොහැකිවිය.
ප්රජා සාමාජිකයින්ව නිරීක්ෂණය කිරීම සඳහා මූල්යමය බලපෑම් කිරීම
ප්‍රජා සාමාජිකයෙකුට මූල්යමය දුෂ්කරතා ඇති විය. ඔවුන්ගේ ප්‍රජාවේ කෙනෙකු විදේශ රාජ්යයක් වෙනුවෙන් ඔවුන්ට රැකියා ලබා දීම සඳහා සම්බන්ධ කර ගන්නා ලදී. රැකියාව වූයේ නවසීලන්තයේ ප්රජාවේ සාමාජිකයන් නිරීක්ෂණය කිරීම සහ ඔවුන් විදේශ රාජ්යයට පැමිණිලි කිරීමයි. ඔවුන්ට විදෙස් රාජ්යය විවේචනය කරන අය පිළිඹඳ දැනගැනීමට අවශ්ය විය.
ප්‍රජා සාමාජිකයා පීඩාවට පත් විය. ඔවුන්ට තම ප්‍රජාව නිරීක්ෂණය කිරීමට යොමුකිරීමට අවශ්ය නොවීය. ඔවුන්ගේ මූල්ය තත්ත්වය ඔවුන්ව බලහත්කාරයෙන් යොදා ගනිමින් තිබුණි. ඔවුන් එය ප්රතික්ෂේප කල නමුත්, පසුව ඔවුන් ප්රතික්ෂේප කළ නිසා යමක් සිදුවේදැයි වදවිය. ඔවුන් නැවත පැමිණේ යැයි බය නිසා, ඔවුන් ප්රජාවෙන් ඉවත්වීමට ක්රියා කරන ලදී. ඔවුන්ට ප්රජාව කෙරෙහි විශ්වාසය ද නැති වී ගිය අතර, මෙම ක්රියාකාරකම්වලට සම්බන්ධ විය හැකි වෙනත් අය ගැන අවිනිශ්චිත බවක් දැනුනි.